hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 2:45


දමිතා, රැට්ටා ඇතුළු 8කට ශරීර ඇප

මැයි 25 වැනි දින කොළඹ කොටුව උසාවිය ඉදිරිපිට දී පරුෂ වචනයෙන් බැන වදිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු බවට චෝදනා කරමින් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්න, රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇතුළු අට දෙනෙකුට එරෙහි ව කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් ගොනු කළ නඩුකරයක් අද (09) විභාගයට ගැනුණා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිරවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනු යි මෙම පිරිස අධිකරණයට කැඳවා තිබුණේ.

මෙලෙස ශරීර ඇප මත මුදාහැරීමට තීරණය කෙරුණේ, චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න, චිත්‍රපටි නළු ජගත් මනුවර්ණ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න වෘත්තීය සමිති ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසකු යි.