2023 නොවැම්‍බර් 07, ප.ව. 12:50
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ (06) පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ඊයේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතු අතුරු පාලක කමිටුවක් පත් කර තිබුණා.
කෙසේවෙතත් අද (07) දින අභියාචනාධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ බවට වාර්තා වනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19