hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 30, පෙ.ව. 8:45


පංච පුද්ගල ඝාතනයට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 23ක් හා 33ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මෙම වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනි අවි දෙක එම ඝාතන සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකාරියකට අයත් යතුරු පැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.