2024 පෙබරවාරි 22, පෙ.ව. 10:28
පසුගිය දා බෙලිඅත්තේ සිදුවූ පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩුබායි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මෙම ශ්‍රී ලාංකිකයන් ද වූ බව වාර්තා වෙනවා,
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ලද අපරාධකරුවන් ද සිටින බව අනාවරණය වී ඇති අතර දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම අපරාධකරුවන් සියලු දෙනාට එරෙහිව රතු නිවේදන නිකුත් වී ඇති බව ත් ඔවුන් අතර ඌරගහ මයිකල් නමැති අපරාධකරුවා ද සිටින බව ත් අනාවරණය වී ඇත.
ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මූලික තොරතුරු මේ වන විටත් මෙරට බලධාරීන් වෙත ලබා දී ඇති බව වාර්තා වෙනවා,
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි කටයුතු සඳහා ඩුබායි රාජ්‍ය වෙත යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
2024 නොවැම්බර් 15, පෙ.ව. 8:23
2024 නොවැම්බර් 14, ප.ව. 9:09
2024 නොවැම්බර් 14, ප.ව. 8:52
2024 නොවැම්බර් 04, පෙ.ව. 11:54
2024 ඔක්තෝබර් 31, ප.ව. 8:06