hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 13, පෙ.ව. 9:36


වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට

අල්ලස් මුදල් ලබාගත් මහජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති ලේකම්වරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වගකීම්වලින් නිදහස් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාකාරිකයින්ගේ මාසික වැටුප් ලබා ගැනීමට අවශ්‍ය අත්සන ලබා දීමට මෙලෙස මුදල් ලබා ගෙන ඇති බව විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.

සැකකාර ලේකම්වරයා ජ්‍යේෂ්ඨ ඩිපෝ පරීක්ෂක තනතුරක් ද දරන අයෙකු බවට හෙළි වී තිබුණා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොතුවිල් ඩිපෝවේ වෘත්තීය සමිති සභාපතිගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකරු සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.