2023 ජූලි 26, ප.ව. 2:05
අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයක නිරත වූ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (26) පෙරවරුවේ මෙම පිරිස පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩකාමර ලබා දීමේදී ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමින් එහි වෙළෙඳ සංගමය විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබුණු අතර ඊට අධිකරණය ඊයේ (25) වාරණ නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සියලු වෙළෙඳසල් වසා දමමින් වෙළෙඳුන් සිය වෙළෙඳාම් කටයුතුවලින් වැළකී සිට තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05