hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 දෙසැම්‍බර් 28, ප.ව. 7:19


මහාධිකරණය මගහැර සිටී නීතිඥවරයෙකු අත්අඩංගුවට

කූඨ ලේඛණ වලින් ව්‍යාජ ඔප්පු දෙකක් සකස් කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිට වරෙන්තු නිකුත් කර සිටී නීතිඥවරයෙක් අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

පයාගල, කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි නීතිඥවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

සැකකාර නීතිඥවරයා කළුතර ප්‍රදේශයේ ඉඩම් දෙකකට ඔප්පු පිලියෙල කිරීම සදහා කූඨ ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටී අයෙක් බවද පොලිසිය පැවසුවා.

සැකකාර නීතිඥවරයාට එල්ලවී ඇති එකී චෝදනා අනුව කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබී ඇති අතර එයට පෙනී නොසිටීමෙන් වරෙන්තු නිකුත් කර ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කළුතර කො විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.