2022 මැයි 28, ප.ව. 2:36
බණ්ඩාරගම – අටලුගමින් අතුරුදන්වූ නව හැවිරිදි දැරිය පිටකොටුව ප්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් දැරිය සෙවීම සඳහා එම ප්‍රදේශයට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ වන විට එම සිද්ධියට අදාළව දැරියගේ මව, පියා, ඥාතීන් ඇතුලු පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
දැරිය වෙළඳසැලින් පිටව යන අවස්ථාවේදී ඒ අසළ නවතා තිබූ වෑන් රථයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කෙරුණා.
සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ ලබාගත් මෙම තොරතුරු පදනම්ව අදාළ වෑන් රථයේ අංකයෙන් එහි හිමිකරු පදිංචිව සිටින පිළියන්දල ප්‍රදේශයට ගොස් ඔහුගෙන්ද සිද්ධියට අදාළ ව ප්‍රකාශයක් ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් එම වෑන් රථය අසළ වෙළඳසැළකින් භාණ්ඩ මිල දී ගැනීමට පැමිණ ඇති බවයි සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඊයේ (27) උදෑසන සිය නිවසට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති මෙම දැරිය යළි නිවසට පැමිණ නැහැ.
ඒ සම්බන්ධයෙන් දැරියගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි පොලිස් පරීක්ෂණ මෙලෙස ආරම්භ කර ඇත්තේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ ෆාතිමා අයීෂා නැමති අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.
2025 පෙබරවාරි 09, පෙ.ව. 11:51
2025 පෙබරවාරි 06, පෙ.ව. 11:20
2025 පෙබරවාරි 05, ප.ව. 12:00
2025 පෙබරවාරි 03, පෙ.ව. 8:56
2025 ජනවාරි 31, ප.ව. 10:43