hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 12, ප.ව. 1:40


බාර් විවෘතව තැබීම ගැන තීරණයක් ගනී

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නිමිතිකොට හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පවසන එම දෙපාර්තමේන්තුව, සුරා බදු වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 1913 දුරකථන අංකය ඇමතීමට ජනතාවට අවස්ථාව ඇති බවද පවසනවා.