hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 4:49


භානුක රාජපක්ෂ එක්දින සංචිතයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන සංචිතයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් සිදු කළ විමසීමක දී ඔහු එම පුවත තහවුරු කළා.

මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ, මෙම තරග සංචාරයෙන් පමණක් තමන් මුදා හරින ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි.

මේ අතර භානුක රාජපක්ෂට දැනට අබුඩාබි හි පැවැත්වෙන T10 තරගාවලියට සහභාගී වීමට විරෝධය පළ නො කිරීමේ සහතිකය ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා ප්‍රතික්ෂේප කළා.