hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 10, ප.ව. 4:38


මුල්ලේරියාව දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරුට අධිකරණය දුන් නියෝගය

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

අදාළ සැකකරු අලුත්කඩේ අංක 06 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු මෙලෙස ඊයේ පස්වරුවේ මුල්ලේරියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.