hit counter

2023 ජූනි මස 02 වන සිකුරාදා

2023 මාර්තු 24, ප.ව. 12:11


මව සොයා යද්දී සැඩපහරට හසු වූ 2 වසරේ නංගීගේ සිරුර හමුවෙයි

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ කුලී වැඩට ගිය මව සොයා යාමේදී  පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට ගොස් සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ අයියා නගෝ දෙදෙනාගෙන් නංගීගේ මළසිරුර කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දොඩම්ගොල්ල කදුරේ ලී කොටයක සිරවී තිබියදී අද (24) සොයාගත් බව හාලිඇල පොලිසිය පවසනවා.

බෝගොඩ මහ විදුහලේ 2වසරේ ඉගෙනුම ලබමින් සිටි ජගුල්ල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ පදිංචි දෂ්මි නදීකා (7) නැමති සිගිති දැරියගේ මළසිරුර මෙසේ හමුවිනැයි පොලිසිය සඳහන් කළා.

ඊයෙ (23) පාසල් ගොස් නිවසට පැමිණ ඇති මෙම අයියා නගෝ දෙදෙනා සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බියවී  කුලී වැඩට ගිය සිය මව සොයාගෙන නිවසට නුදුරින් එගොඩගොඩේ නිවසකට යාම සදහා බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට යාමේදී මෙසේ සැඩ දියපහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කළා.

හාලිඇල පොලිසියේ නිලධාරීන් යුදහමුදා නිලධාරීන් ගම්වාසීහු එක්වී මෙම සැඩ දියපහරකට හසුව ගසාගෙන ගිය අයියා නගෝ දෙදෙනා සෙවීමේ කටයුතු අරඹා තිබෙනවා.

අයියාගේ සිරුර තවමත් සොයමින් පවතින බව පොලීසිය සඳහන් කර සිටියා.