hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 22, පෙ.ව. 10:54


කට වරද්දා ගත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.