hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2024 පෙබරවාරි 26, පෙ.ව. 8:55


දකුණේ තවත් වෙඩිල්ලක්

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවය.