hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 06, ප.ව. 2:12


කෙහෙළිය පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පරිසර අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව දැනට බන්ධනාගාර ගතව සිටින අමාත්‍ය කෙහෙ‌ළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

එම ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගෙන ඇති අතර, ඒ අනුව පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇත.

ඉදිරි දින කිහිපය තුළදී නව පරිසර අමාත්‍යවරයා දිවුරුම් දීමට නියමිතයි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.