hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 අගෝස්‍තු 05, ප.ව. 5:44


බස් වර්ජනය අවසන්

ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන බවට පවසමින් පෞද්ගලික බස් හිමියන් පිරිසක් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබා දෙන බවට බලධාරීන්ගෙන් ලැබුණු එකගතාවක් මත එම තීරණය ගත් බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් එක්ව මෙම වැඩ වර්ජනය ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබුණා.