hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 03, පෙ.ව. 10:50


අඩු ආදායම්ලාභී පවුල් වලට රජයෙන් සහනයක්

රට තුළ දැනට උද්ගත ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සදහා මාස තුනක් සදහා අමතර දීමනාවක් ලබා දීමට රජය තීරණය කොට තිබෙනවා.

වෙළඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කලේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ අනුව හදුනාගත් ප්‍රතිලාහී පවුල් සදහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාල සහනය ලබා දීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව වැඩිහිටි දීමනාව,සමෘද්ධි දීමනාව, වකුගඩු සහ ආබාධිත දීමනා ලබන අඩු අදායම් ලාභී පවුල්වලට මෙම ප්‍රතිලාභය හිමිවනු ඇති.

පවුල් ඒකක මිලියන 3.34කට, මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා මාස තුනක්  මෙම අමතර දීමනා ලබා දෙන බවයි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

මේ සඳහා ලෝක බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් වියදම් කිරීමට නියමිතයි.

ඒ අනුව , වැඩිහිටි දීමනාව රුපියල් 2000ක් ලබන පුද්ගලයින්ට , තවත් රුපියල් 3000ක් අමතරව ලබා දීමටත්, අවුරුදු 100ට වැඩි පුරවැසියන්ට රුපියල් 7500 දක්වා දීමනාව වැඩි කිරීමටත්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයින්ට රුපියල් 7500ක් දක්වා දීමනාව ඉහල නැංවීමටත් තීරණය කර තිබෙනවා.

එමෙන්ම ආබාධිත දීමනාව ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට රුපියල් 5000ක මුදලක්ද, වකුගඩු දීමනාව ලබා පුද්ගලයින්ට අමතර 2500ක් ලබා දීමෙන් රුපියල් 7500ක මුදලක් ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා.

සමෘද්ධි ප්‍රතිලාභලාභීන්ටද මෙම අමතර දීමනාව හිමිවන අතර , සමෘද්ධි ප්‍රතිලාභ ඉල්ලා ඇති තවත් ලක්ෂ 7කට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.