hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 ජනවාරි 30, පෙ.ව. 9:05


කැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වෙනවා.

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිසුන් ඊයේ (29) රාත්‍රියේ ද විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතවූ අතර, විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වුණා.