hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 16, ප.ව. 5:06


බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමි රිමාන්ඩ්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ පසුගිය අඟහරුවාදා පැවැති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාලවයි.

අත්අඩංගුවට ගත් උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ලබන 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බවයි හෝමාගම පොලීසිය සඳහන් කළේ.