hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජනවාරි 27, පෙ.ව. 10:25


පාලි හා බෞද්ධ සරසවියේ ශිෂ්‍ය භික්ෂුන් තවමත් විරෝධයේ – කැරලි මර්ධනයත් කැඳවයි

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය  වහාම ඉවත් කොට සරසවිය කඩිනමින් විවෘත කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය ආරම්භ කළ උද්ඝෝෂණය මේ වන විටත් පැවැත්වෙනවා.

මේ සඳහා සහභාගි වූ සියයකට ආසන්න ගිහි- පැවිදි සිසුන් පිරිසක්  හෝමාගම, පිටිපන හන්දිය ආසන්නයේ පිහිටි බෞද්ධ හා පාලි සරසවියේ පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිටට පැමිණ මෙසේ උද්ඝෝෂණයේ  නිරත වෙමින් සිටිනවා.

එහිදී මීට මාස දෙකකට පමණ පෙර අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කර සිටින  එම විශ්වවිද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් වහා නිදහස් කරන ලෙසත්, අත්තනෝමතික ලෙස ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙන සිසුන් 39දෙනාගේ ශිෂ්‍යභාවය  වහාම යළි ලබාදෙන ලෙසත් විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා..

වත්මන් පරිපාලනය වහා ඉවත් කොට දූෂණයෙන් තොර නව පරිපාලන ව්‍යුහයක් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට පත්කොට, ඔන්ලයින් හරහා දැනට ලබාදෙන අධ්‍යාපන කටයුතු නවතා යළි සරසවිය විවෘත කරන ලෙසත් ඉල්ලමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ නිරත වන අතර මේ වන විට පොලිස් කැරලි මර්ධන ඒකකය ද කැඳවා තිබෙනවා.