hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 18, ප.ව. 2:14


කොළඹ උණුසුම් තත්ත්වයක්

දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 14ක් සපිරෙනවා.

යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇතිවුණ.

සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර තිබුණා.

එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් ඊට විරෝධය පෑමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇතිවුණා.

කෙසේවෙතත් පැමිණි පිරිස එම ස්ථානයේදී පහන් දල්වමින් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කිරීම සිදුකරනු ලැබුවා. 

පසුව පොලිසීයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණා.