hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 ජූලි 12, ප.ව. 3:57


ජයන්ත කැටගොඩගේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළා.

විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන ආපසු කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය පවරා දෙන ලෙස ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කරමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ මෙමඟින් ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවයි.