hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 11:59


විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක්

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය නිකුත් කර ඇත.

දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු තවත් පිරිසකට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.