2023 ජූනි 07, පෙ.ව. 11:46
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොළඹ කොටුව පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්රු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමුවදොර වටරවුමේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා මාර්ගයට ඇතුළු වීම අධිකරණය විසින් වළක්වා තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19