2024 අප්‍රේල් 02, ප.ව. 2:58
කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
මෙම තීන්දුව ලබා දුන්නේ, ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාම විසිනි.
දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19