2022 ජූලි 28, ප.ව. 2:39
ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් පොලීසියට භාර දුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට අද නියෝග කර තිබෙනවා.
එම නියෝගය නිකුත් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්.
පසුගිය 9 වනදා අරගලකරුවන් විසින් රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් කොටුව පොලීසිය වෙත ලබා දී ඇතැයි කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
එලෙස භාර දුන් මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් සති 3ක් ගියද අධිකරණයට ඉදිරිපත් කර නැති බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42