hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 28, ප.ව. 5:19


අරලියගහ මැදුරේ රූපවාහිනී සොරකම් කළ සැකකරු රිමාන්ඩ්

පසුගිය 9 වනදා අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.