2022 නොවැම්‍බර් 19, ප.ව. 1:56
පාතාල කල්ලි සාමාජිකයෙක් බව කියන “මන්නා කන්නා” නැමැති පුද්ගලයාට නාඳුනන අයෙක් වෙඩි තබා තිබෙනවා.
ඒ ග්‍රෑන්ඩ්පාස් – නවගම්පුර ප්‍රදේශයේදීයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහුගේ අතට සහ හිසට වෙඩි වැදී ඇති බවයි.
වෙඩි තැබූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42