hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 1:49


මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ නමීමියාව ප්‍රදේශයේදී අද (21) පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මීටියාගොඩ පොලීසිය පැවසුවේ වෙඩි වැදුනු පුද්ගලයා මේ වනවිට බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුවේ පතිකාර ලබන බවයි.

ඔහුගේ තත්වය බරපතල නොවන බව බලපිටිය රෝහලේ ප්‍රකාශයෙකු පැවසුවා.

වෙඩි වැදුනු පුද්ගලයා අපරාධ කිහිපයක් සම්න්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ වෙඩි තැබීම සිදුවූ බව ද පොලීසිය පැවසුවා.