hit counter

2026 ජූලි මස 29 වන බදාදා

2022 ජූනි 27, ප.ව. 3:23


කැළණියේ වෙඩි තැබීමක්

කැළණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. 

ඔහු සිය බිරිද හා වයස අවුරුදු 2 ක් වන දරුවා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.