2022 ජූනි 10, ප.ව. 3:36
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කළා.
ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්.
ඔහු කලක් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළා.
ජූනි 8 වන දා ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඊයේ (09) ඉල්ලා අස් වුණා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05