hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 12, ප.ව. 4:51


මන්ත්‍රීවරයෙක් අනතුරකින් මරුට

යාපනය මහ නගර සභා වේ ඊ.පී.ඩී.පී නගරික මන්ත්‍රී නීතිඥ එම්.රෙ මීඩියස් මහතා යාපනය ශීක්ෂණ රෝහලේ දී මියගොස් තිබෙනවා.

මීට දින කීපයකට පෙර රෙමීඩියස් නගර සභා මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේ දී සුනඛයෙකු යතුරුපැදියේ ගැටීම නිසා අනතුරකට පත් වුනා.

අනතුරෙන් ඔහු සුළු තුවාල ලබා තිබුණද හදිසියේ ම මොළයට රුධිරය වහනය වීම නිසා මරණයට පත්ව තිබෙනවා.

මන්ත්‍රීවරයා පැළද සිටි හිස් වැසුම අනතුරත් සමග ගැලවී යාමෙන් පසුව මන්ත්‍රීවරයා ගේ හිස පාරේ රළු ස්ථානයක ගැටී තිබුනා.