hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මාර්තු 29, පෙ.ව. 8:49


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහාන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකි වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වාහන වායු දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජනක මහතා පවසන්නේ, නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“2023 පෙබරවාරි 1 වනදා ඉඳලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා. අසමත් වාහන 403ක් හඳුනාගත්තා. අප්‍රේල් 1 වනදා වනවිට බ්ලැක් ලිස්ට්වීමට නියමිත වාහන ප්‍රමාණයක් තියෙනවා.”