hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 12, ප.ව. 4:28


ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක නිරත වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ධම්මික පෙරේරා මහතා විසින් පැහැර හැර ඇතැයි පැවසෙන බදු මුදල් ගෙවන ලෙස බලකරමින් විරෝධතාකරුවන් එලෙස විරෝධය දැක්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.