hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 27, ප.ව. 1:32


ධානීෂ් අලි අධිකරණයට

ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගත් ධානීෂ් අලි නමැත්තා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

මේ වන විට ඔහු කුරුදුවත්ත පොලීසිය භාරයේ පසු වන අතර, අද (27) පෙරවරුවේ ඔහුව අධිකරණය වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණා.

31 හැවිරිදි කුරුණෑගල – වෑබඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව යාමට යානයේ අසුන් ගෙන සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.