2023 ජූලි 25, ප.ව. 1:45
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
පෙත්සමේ තීන්දුව අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ තමා සහ විනිසුරු මරික්කාර් අතර බෙදුණු නඩු තීන්දුවක් පවතින බවයි.
එබැවින් එම නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගන්නා බව ද විනිසුරුවරයා නියම කර ඇත.
ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 14 වැනිදා සිදුකිරීමට නියෝග කෙරුණා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19