hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 09, පෙ.ව. 11:17


වරදක් කර ඇති නම් ඩයනාව අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට උපදෙස්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණය හමුවේ අද (09) ප්‍රකාශ කළා.

ඒ ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහි දී පැමිණිලිකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව සඳහන් කළා.