hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 ජූලි 01, ප.ව. 12:00


DSI ලොක්කා අත්අඩංගුවට

මෙරට ප්‍රධානතම පාවහන් නිෂ්පාදන සමාගම් DSI ආයතනයේ අධ්‍යක්ෂකවරයකු හා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එහි හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයෙකුද වෙනවා.

ඒ පසුගිය 22 වැනිදා බොරැල්ල හරස් පාරේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි තැබීමක් සම්බන්ධයෙන්.

ඒ සමග හමුදාවෙන් පලාගිය සෙබළකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෙඩි තැබීම ගැන පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම මුදල් ගෙවා සිදුකරගන්නා ලද්දක් බවයි.

ඔහුගේ පවුලේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ආරවුල් පවතින අතර මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම වටපිටාව තුලයි.