hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 06, ප.ව. 8:42


ජනපති ලේකම්ගෙන් නියෝගයක්

පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහා කැඳවූ විට අමාත්‍යාංශ ලේකම්වරු ඊට සහභාගී විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා නිල වශයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබෙනවා.

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා එම ලිපියේ පිටපත් කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ද යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.