hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 9:52


ඉන්දියන් සාගරයේ පැය කීපයක් තුළ භූකම්පන 04ක් – සුනාමියක් එන ලකුණු

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8.00ට පමණ තවත් භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4ක් බවයි පැවසෙන්නේ.

අද පෙරවරු 8.00ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බවයි, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේ.

මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බවයි.

මෙම භූ කම්පන වාර්තා වී ඇත්තේ, ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ වන අතර, සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දියන් සාගරයේ භූකම්පන දෙකක්..සුනාමි අනතුරු ඇඟවීමක්?..

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පවසනවා.

එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබෙන බවයි ඇය පැවසුවේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් හෝ සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවයි.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බව වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: