hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 අප්‍රේල් 21, පෙ.ව. 8:57


පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි

පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට වසර 3ක් ගත වනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

එමෙන්ම, කොළඹ, තරු පන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ද මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්.

තවත් 500කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ දේව මෙහෙය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු පුජාප්‍රසාදිවරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී වනවා.