hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2023 මාර්තු 07, ප.ව. 4:32


ඡන්දයට සුදුසු දිනය මැකොස කියයි

මේ මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතු වූ අනපේක්ෂිත සහ නොවැලක්විය හේතු මත ඡන්දය කල් යන බවයි එම කොමිසම දන්වා සිටින්නේ.

පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව අදාල ඡන්ද විමසීමේ දිනය අප්‍රෙල් මස 25 වැනි දා බව දිස්ත්‍රික් තේරි භාර නිලධාරින් විසින් දන්වනු ඇති.