hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 11, ප.ව. 1:40


මැතිවරණ දිනය ගැන කොමිසම තීන්දුවක් ගනී

2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍ය යේ කටයුතු කළ ද  ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවු හේතු මත එකී ඡන්ද විමසීම කල්දැමීමට සිදුව ඇති බවයි.