hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 10, පෙ.ව. 11:43


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

දැනට සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර ලබා දී තිබෙනවා.

තවද, පළාත් පාලන මැතිවරණය නීතියට අනුව පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම දැනටමත් භාරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සූදානම බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ගොනුකර තිබුණා.