hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 17, ප.ව. 12:18


තැපැල් ජන්දය ගැන තීරණයක් ගනී

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ජන්ද සලකුණු කිරීම කල් දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

පෙබරවාරි මස 22,23,24 සහ 28 යන දිනවලදී තැපැල් ජන්ද පත්‍රිකා සලකුණු කිරීමට මීට පෙර නියමිතව තිබුණා.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ජන්ද පත්‍රිකා නියමිත දිනවලදී ලබා නොදීම නිසා ජන්ද සලකුණු කිරීම මෙලෙස කල් දැමුණු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.