hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 17, ප.ව. 12:18


තැපැල් ජන්දය ගැන තීරණයක් ගනී

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ජන්ද සලකුණු කිරීම කල් දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

පෙබරවාරි මස 22,23,24 සහ 28 යන දිනවලදී තැපැල් ජන්ද පත්‍රිකා සලකුණු කිරීමට මීට පෙර නියමිතව තිබුණා.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ජන්ද පත්‍රිකා නියමිත දිනවලදී ලබා නොදීම නිසා ජන්ද සලකුණු කිරීම මෙලෙස කල් දැමුණු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.