hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 19, පෙ.ව. 8:58


ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන! භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයෙන් නිවේදනයක්

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබෙනවා. 

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, ඊයේ (මාර්තු 18) සවස 6.40ට කිරින්ද, පලටුපාන ප්‍රදේශයේ ටිකට් රිකට්ර් මාපක 2.6 භූ කම්පනයක් ද අද (මාර්තු 19) අලුයම 3.30ට පමණ ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයේ රික්ටර් මාපක 3.0ක භූ කම්පනයක් ද සිදු වී ඇති බව යි.

මෙම භූ කම්පා ද්විත්වය ම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පැවසුවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, මෙය ජනතාව බිය විය යුතු තත්ත්වයක් නොවන බව යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: