hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 අගෝස්‍තු 11, ප.ව. 8:15


විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් විභාග දෙකක් පැවැත්වීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගුරු විද්‍යාල අවසාන විභාගය- 2020/2021(2023) සහ උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය -2022(2023) යන විභාගයන් 2023.08.14 දින සිට 2023.08.19 දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.

ඒ අනුව ගුරු විද්‍යාල අවසාන විභාගය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාල විදුහල්පතිවරුන් වෙත ද, උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය සදහා අයදුම් කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ද තැපැල් කර තිබෙනවා.

එමෙන්ම www.doenets.lk වෙබ් අඩවිය හරහා බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් පහත දුරකථන අංකයන්ගෙන් විමසීම් සිදු කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියි.

විමසීම් –  011-2784208, 011-2784537, 011-2785413, 011-2786616

එම නිවේදනය පහතින්,

Gallery