hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2024 මාර්තු 05, පෙ.ව. 8:31


බස්නාහිර පළාතේ වාර විභාගය හෙට

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට (06) දිනයේ යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු පැවැත්වීමට නියමිත බවයි.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉතිහාසහ, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: