hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 දෙසැම්‍බර් 20, ප.ව. 12:25


වාද්දුව කර්මාන්ත ශාලා ප්‍රදර්ශනාගාරයක ගින්නක්

වාද්දුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක අද (20)  ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පැවසුවා.

ගින්නෙන් රුපියල් කෝටියකට අධික දේපල හානියක් සිදුව ඇතැයි සදහන් වෙනවා.

මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී එහි විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශ වී තිබුණා.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙයි.

ගින්න ඇතිවිමත් සමගින් එහි තිබූ රෙදිපිලි විශාල ප්‍රමාණයක් එහි සේවකයින් පිටතට රැගෙන ගොස් තිබුණා.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන අතර වාද්දුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.