hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:20


පිටකොටුව ගින්නෙන් 15ක් රෝහලට

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණා.